Saturday, August 25, 2012

ජාවා operators(පලමු කොටස)


ජාවා වල එන operators පහත පරිදි අපිට බෙදා දක්වන්න පුලුවන්.
1.       ARITHMATIC OPERATORS
2.       RELATIONAL OPERATORS
3.       LOGICAL OPERATORS
4.       BITWISE OPERATORS
5.       CONDITIONAL OPERATORS


මෙහිදී මම ARITHMATIC OPERATORS(+,-,/,*,%,++,--,) පිලිබදව වැඩි විස්තර කතාකරන අතර ඉදිරියේදි අනෙකුත්  OPERATORS පිලිබදව කත කරමු.
මුලින්ම  (+ , - , * , / , %)  operators පිලිබදව කතා කරමු. මේවා භාවිතා කොට අප එදිනෙදා සිදු කරන ගණිත කර්ම සිදු කල හැක.පහත  program එක මගින් මෙම operators ගැන  අවබෝද කර ගත හැක.

ඉහත program එකෙ  output  එක:

 
ඉහත programඑකෙ // ලෙස සිදු කර ඇත්තේ comment කිරීමකි.මෙය සිදු කොට ඇත්තෙ program එක පිලිබදව පැහැදිලි කිරීම් සිදු කිරීමටයි.මෙම symbol එක(//) සමග java program එකක දක්වන දේවල් program එක compile  වීමෙදි  හා run වීමෙදි නොසලක හරි.
ඉහත  modules  operator (%) එක මගින් සිදු වන්නෙ එක් සංඛයාවක් තවත් සංඛයාවකින් බෙදු විට ශේෂය (ඉතිරි වන අගය ) ලබා දීමයි. 

Increment (++)  හා  decrement(--) operators :

Int  a=10;
Int b=++a;   මෙහිදි a ට ඉදිරියෙන් ++   operator එක   යෙදීම මගින් සිදු වන්නෙ a හි  වත්මන් අගය 1 කින් වැඩි කොට එය bassign කිරීමයි.

Int c=5;
Int d=c++;   මෙහිදි c  ට පසුපසින් ++  operator එක යෙදීම මගින් සිදු වන්නෙ  c හි  වත්මන් අගය d assign කොට ඉන්පසු c හි අගය 1 කින් වැඩි  කර ගැනීමයි.

පහත  program එක මගින් මෙය තව දුරටත් පැහැදිලි වනු ඇති.


ඉහත program එකෙ  output  එක:


 
දැන් බලමු decrement operator(--)  එක ගැන.
Int a=10;
Int b=--a;   මෙහිදී  a ට ඉදිරියෙන් ‘--’  operator එක  යෙදීම මගින් සිදු වන්නේ a හි වත්මන් අගය 1 කින් අඩු කොට එය  b assign කිරීමයි.



Int c=5;
Int d=c--;   මෙහිදි c   ට පසුපසින් ‘--’  operator එක යෙදීම මගින් සිදු වන්නෙ  c හි  වත්මන් අගය d assign කොට ඉන්පසු c හි අගය 1 කින්  අඩු  කර ගැනීමයි.
පහත  program එක මගින් මෙය තව දුරටත් පැහැදිලි වනු ඇති.

ඉහත program එකෙ  output  එක:




දැන් අපි java  arithmetic operators වල තවත් යෙදීමක් ගැන කතාකරමු.

+=   : additional assignment operator
-=    : subtraction assignment operator
*=   : multiplication assignment operator
/=    : division assignment operator
%=   : modules assignment operator

අපි a=a+5; ලෙස java  වලදි ලියන දෙයම a+=5; ලෙස ඉහත assignment operators භාවිත කොට ලිවිය හැක. මෙමගින් java code කෙටි කර ගත හැක. තවද එය අප ලියනු ලබන  java program  එකේ කාර්යක්ශම බව වැඩි වීමටද උපකාරි  වේ. ඉහත operators   භාවිතා කල හැක්කෙ  = ලකුන   දෙපසම එකම variable එකක් තිබෙන විටදී පමනක් බව  මතක තබා ගන්න. එනම් a=b+5; ලෙස තිබුනි නම් ඔබට a+=5; ලෙස ලිවිය නොහැක.
ඉහත operators  පිලිබදව තව දුරටත්  අවබෝද කර  ගැනීමට පහත program  එක run  කර බලන්න.

 
 
ඉහත program එකෙ  output  එක:


 
මම හිතනවා  arithmetic operators ගැන මේ කතා කරපු ටික ප්‍රමනවත් කියලා.java වල එන අනිත් operators  ගැන අපි ඉදිරියෙදි කතා කරමු.මේ කතා කරපු දේවල් ගැන අවුලක් තියනව නම් comment කරන්න.නැත්නම් අපිට email එකක් එවන්න.

By Hasitha Thamaranga


4 comments:

  1. Increment වල
    Int a=10;
    Int b=++a; විදිහට දීල තියනවනේ. අපි මේ line 2 display කරන්න දුන්නාම b = 11 කියල එන එක හරි. ඒත් a = 11 කියල එන්නෙ කොහොමද? අපි උඩින් "int a=10" බව කියලම තියනවනෙ. ඒ නිසා a =10 කියලනෙ එන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. api methanadi a=10 mulin define karaata passé ++a magin ahi agaya ekakin vadikaranavane. me line eken kriyavan 2k venava ahi agaya ekakin vadikarala eka b ta samana karanava.terunada....

      Delete
    2. ආ හරි හරි. Thanx... :D Great work. දිගටම කරගෙන යන්න...

      Delete
  2. අපි ඕනි උදව්වක් දෙන්නම්..... මේ වැඩේ ලොකුවටම කරගෙන යන්න

    ReplyDelete