අද අපි කතා කරන්න යන්නේ java වල එන ඉතා වැදගත් කොටසක් වන object oriented සංකල්පය පිලිබදව. ඇත්තටම programming
languages ගත්තම ඒවා structural හා object
oriented කියලා ආකාර දෙකක් දකින්න පුලුවන්.
Java, c++ වගේ ඒවා object oriented
සංකල්පය යොදා ගන්නා programming languages
.
pascal,c වගේ ඒවා structural සංකල්පය
යොදා ගන්නා programming languages .
සරලව කිව්වොත් object oriented concept එක කියන්නේ මොකක් හරි ප්‍රශ්නෙකට විසදුම් සෙවීමේදී අපි එය real world situation එකකට සමාන කොට objects සාදා එම ගැටලුව විසදීමට උත්සාහ ගැනීමයි. .අපි java වලදී ඔනෑම programme එකක් ලියන කොට මුලින්ම කරන්නෙ class එකක් හදලා
එම එක තුල variables සහ methods
define කරලා එම class එකෙන් අපිටඅවශ්ය පරිදි objects සාදා එම
objects සහ methods බාවිතා කර අපේ program එකෙන් බලාපොරොත්තු වන results එක ලබා ගැනීම. මෙන්න මේ සිද්දි දාමය තමා සරලවම කිව්වොත් object oriented concept එක java වලදී යෙදෙන අකාරය. දැන් අපි java වලදී object oriented concept එක යෙදෙන අකාරය ගැන ගැබුරින් කතා කරමු.
Java වලදී class එකක් කියන්නේ මොකක්ද ?
Class එකක් කියන්නේ
object එකක මූලික සැලැස්ම නැත්නම් blue print එකට තමා. object එකක ලක්ෂණ, හැසිරීම තීරණය කරන්නේ class එක මගින්. Class එකක් නොමැතිව අපිට
objects සාදන්න බැහැ. ඒ වගේම තමා අපි class එකක් define කරාට පස්සේ එම class එක බාවිතා කර අපිට ඕනෑ තරම් objects සාදන්න පුලුවන්.
Java වලදී object එකක් කියන්නේ මොකක්ද ?
Object එකක් කියන්නේ class එකක
එක් නිශ්චිත සිද්දියක් කියලා කියන්න පුලුවන්.(object is an instance of a class) ඕනම
object එකක් ගත්තම එයට අනන්‍ය වුනු data ටිකක් හා methods ටිකක් තිබෙනවා.
Java වලදී
object එකක් සාදා ගැනීම සදහා syntax එක :
Classname objectname(reference variable name
) = new
Classname( );
මේ අනුව
objects සැදීමේදී new key word එක යොදා ගනී.
Ex:
අපිට student කියන class එකක් භාවිතා කරලා std කියල object එකක් හදන්න ඔනි නම් එය කරන්නේ මෙහෙමයි.
Student std1= new
Student();
අපිට university
කියන class එකක් භාවිතා කරලා
colomboUni කියල object එකක් හදන්න ඔනි නම් එය කරන්නේ මෙහෙමයි.
university
colomboUni= new university();
Objects සෑදීම ගැන වැඩි විස්තර constructor කියන කොටස යටතේ දී කතා කරමු.
Java වලදී constructor එකක් කියන්නේ මොකක්ද ?
lass එකක් තුල ඇති
variables, objects සෑදීම සදහා කෙසේ යොදා ගත යුතුද යන්න අපි constructor එක මගින් පෙන්වා දෙයි.
Java වලදී constructor එකක් සාදා ගැනීම සදහා syntax එක :
public classname
(parameter list ){
Constructor body;
}
වැදගත් :
·
Constructor
එකක් සැදීමේදී සැම විටම public නම්
access modifier එක භාවිතා කල යුතුයි.
·
ඉන් පසු class එකේ නම යෙදිය යුතුයි.
·
ඇත්තටම constructor එක කියන්නෙත් එක්තරා අකාරයක method එකක්.නමුත් මෙමගින් කිසිවක් return කරන්නේ නැහැ .ඒ වගේම constructor එක සෑදීමේදී void කියන key word එකවත් අපි භාවිතා කරන්නේ නැහැ.
·
Class එකක් සදහා අපිට constructors එකක් හෝ එකට වඩා වැඩි ගනනක් වුවද සෑදිය හැකියි. එසේම අපිට අවශ්‍ය නම්
constructors එකක් වත් නොසාදා වුවද සිටිය හැකියි.
·
Parameter list එක තුලදී class එක
තුල ඇති variables වලින් අපි object එක සෑදීමට යොදා ගන්නේ කුමන variables දැයි
දැක්විය යුතුයි. එම variables වල නම් අපි class එක තුල define කර ඇති ආකාරයෙන්ම හෝ නැතිනම් වෙනත් ආදේශක
නම් වලින් දැක් විය යුතුයි. Class එක තුල define කර ඇති ආකාරයෙන්ම එම variables වල නම් අපි parameter list එක තුල දක්වයි නම් constructor
එක තුලදී අපිට this key word එකද භාවිතා
කිරීමට සිදුවෙයි.
·
අපි විසින් සැදිය යුතු යම් object එකක් සදහා class එක තුල පිහිටි යම් variable එකක අගය නියතව තබා ගත යුතු නම් constructor එක තුලදී එම variable එකේ අගය නියත කල යුතුය.
·
Constructor එක තුලදී parameters pass කරයි නම් එම constructor එක භාවිතා කොට objects සැදීමේදී එම parameters සදහා values pass කල යුතුය.
දැන් අපි class එකක් භවිතා කොට constructors සාදන ආකාරය බලමු .
class එකේ නම StudentDetails ලෙසත් එහි ඇති variables ,
private String name;
private
int age;
private
String universityName; ලෙසත් සිතමු.
දැන් මෙම class එක භවිතා කොට සාදා ඇති පහත constructors
බලන්න.
public
StudentDetails ( String a , int b, String c ){
name=a;
age=b;
universityName=c;
}
මෙම constructor එක සැදීමේදී class එකේ ඇති String name , int age ,String universityName යන variables වෙනුවට parameter list එක තුලදී එම
variables පිලිවෙලින් String
a, int b, String c යනුවෙන් define කර
ඇත. එසේම මෙම constructor එක සැදීමේදී class එක තුල ඇති සියලුම variables අපි භාවිතා කර ඇත.
public
StudentDetails ( String a ,
String c ){
name=a;
universityName=c;
}
මෙම constructor එක සැදීමේ දී class එක තුල පිහිටි variables දෙකක් පමනක් යොදා ගෙන ඇත.
public
StudentDetails ( String a ,
String c ){
name=a;
universityName=c;
age=22;
}
මෙම constructor එකේ ඇති විශේෂත්වය නම් මෙය භාවිතා කර
අපි සාදන objects වලදී age නම්
variable
එකේ අගය සැම object එකක් සදහාම 22 ලෙස නියතව තබා ගැනීමයි. ඒ සදහා අපි මෙම
constructor එකේ constructor body එක තුලදී age=22 ලෙස define කර ඇත.
public
StudentDetails ( String name ,
int age, String
universityName){
this.name=name;
this.age=age;
this.universityName=
universityName;
}
මෙම constructor එකේ parameter list එක තුලදි අපි variable names දක්වා ඇත්තේ class එක තුලදී එම variables define කර ඇති නම් වලින්මය. මෙසේ variable names ,parameter list එක තුල දක්වයි නම් මෙහි දක්වා ඇති පරිදි this key word එක භාවිතා කල යුතුයි.
this.name=name; මින් පවසන්නේ parameter එකක් ලෙස ලබා දෙන name හි අගය මෙම object එකට අයත් name variable එකට assign කරන ලෙසයි. මෙහිදී this key word එක භාවිතා නොකල හොත් අපි parameter එක ලෙස ලබා දෙන අගය object එක සැදීමේදී යොදා නොගන්නා අතර object එක
සැදීමේදී instance variables වල අගයන් භාවිතා
කරයි.( Instance variables යනු අපි class එක සැදීමේදී මුලින්ම define කරන
variables ය. මෙම එකට අදාලව private
String name, private int age , private String
universityName යන ඒවා.)
දැන ගත යුතු තවත් වැදගත් දෙයක් තමා java වලදී
අපි සාදන සැම class එකක් සදහාම constructors
සැදිය යුතු නැහැ. Constructor එකක්
නොසාදා objects වලට values pass කිරීම අපට methods භාවිතයෙන් වුනත් කරන්න පුලුවන්.
නමුත් constructor එකක් නොසැදුවත් එම programme වලදී default constructor එකක් run වෙනවා. උදාහරනයක් ලෙස අපි ඉහත students class එකට constructor එකක් නොසැදුවේ නම් එම class එක භාවිතා කර Student s1=new Student( )ලෙස object එකක් සැදීමේ දී පහත default constructor එක
run වීම සිදු වනවා.
public Student( ){
name=null;
age=0;
universityName=null;
}
මෙහිදී
variables වලට assign කර ගන්නේ instance variables වල අගයන්ය. අපි student class එක තුලදී instance variables සදහා values assign කර නොමැති නිසා integer
variables සදහා 0 ද String variables සදහා null ලෙසද values
assign කර ගනී.
Java වලදී method එකක් කියන්නේ මොකක්ද ?
Java වලදී methods භාවිතා කරන්නේ අපි අවශය වැඩ කරවා ගැනීමටයි.
Methods සෑදීම මගින් කේත නැවත නැවත අපිට අවශ්‍ය ස්තාන වලදී භාවිතයට යොදා ගත හැක.
Method එකක් ක්‍රියත්මක වන්නේ එය call කල විට
පමනි.එතෙක් එය තුල ඇති උපදෙස් ක්‍රියාත්මක නොවේ.
දැන් අපි බලමු method එකක් සාදා ගැනීම සදහා syntax එක :
Access modifier
return type method name(parameter
list){
Method body
}
Methods සෑදීමේදී යොදා ගන්නා access modifiers :
public : method එකක් මෙම access modifier එක සහිතව
declare කල හොත් එම method එක ඕනෑම class
එකකදී භාවිතා කල හැක.
private :
method එකක් මෙම access
modifier එක සහිතව declare කල හොත් එම
method එක භාවිතා කල හැක්කේ එම
method එක declare කරන class එක තුලදී පමනි.
protected : method එකක් මෙම access modifier එක සහිතව
declare කල හොත් එම method එක භාවිතා කල හැක්කේ එම
method එක declare කරන class එක තුලදී හා එහි sub classes තුලදී පමනි. (sub classes
ගැන පසුව ඉගෙන ගනිමු.
)
default modifier : යම් method එකක් සදහා access modifier කෙනෙක් යොදා නොමැති
විට එයට යෙදෙන්නේ default modifier එකයි. method
එකක් මෙම access modifier එක සහිතව declare කල හොත් එම method එක භාවිතා
කල හැක්කේ එම method එක declare කරන class එක තුලදී හා එම class එක අයත් package එක තුලදී පමනි.
Method එකක් return type එක කියන්නෙ මොකක්ද :
Method එකක් මගින් යම් කිසි වැඩක් සිදු කර අවසානයේදී
මොකක් හරි value එකක්return කරනව නම් එම value එක
අයිති data type එකට තම method එකේ return type එක කියන්නේ. ඒ කියන්නේ method එකෙන්
අවසානයේදී int value එකක් return කරනවා නම් method එකේ return type එක වෙන්නේ int.
method එකක් මගින් සෑම විටම
value එකක් return කල යුතු නැහැ.යම් වැඩක්
සිදු කොට අවසානයේදී value එකක් return නොකරන methods තියෙන්නත් පුලුවන්.එවැනි method එකක return type එක වෙනුවට අපි යොදන්නේ void කියන key word එක.
Method name එක කියන්නේ method එක හදුනා ගැනීම ස්දහා අපි විසින් method
එකට දෙනු ලබන නම.
Method එකක parameter list එක තුලදී method එක සෑදීම සද්හා යොදා ගනු ලබන instance variables හදුන්වා දිය යුතුයි.අපි constructor එකක් සාදන විටත් මෙය සිදු කලා ඔබට මතක
ඇති. සෑම method එකක් සදහාම parameters දිය යුතු නැහැ. Parameters ඇතිව වගේම නැතුවත් අපිට
methods ලියන්න පුලුවන්. ඒ වගේම තමා යම් method එකක් declare කරද්දී එයට parameters ලබා දී ඇත්නම් එම method එක call කරන විට parameters සදහා values pass කල යුතුයි.
Method body එක තුලදී අපි method එක භාවිතයෙන් කර ගැනීමට
බලාපොරොත්තුවන වැඩ සදහා code ලිවීම සිදු කරනවා.
එසේම method එක මගින් අදාල වැඩ සිදු කොට යම්
කිසි value එකක් return කරයි නම් එ ය return key word එකත් එක්ක දැක්විය යුතුයි.
Method එකක් call කිරීම.
Method එකක් call කිරීමට නම් පලමුව එම method එක declare කර ඇති class එකෙන් object එකක් සෑදිය යුතුය. අනතුරුව
පහත දැක්වෙන පරිදි එම object එක හා . operator
එක භවිතා කොට method එක call කල හැක.
Objectname.methodname( );
මෙහිදී object එකේ නම හා method එකේ නම අතර .
operator එක භාවිතා කරයි.
අපි යම්කිසි method එකක් static key word එක සහිතව declare කර ඇත්නම් එම method එක පිහිටි class එක තුලදී එම method එකට call කිරිම object එකක්
නොසාදා වුවද කල හැක. එයට හේතුව යම් method එකක් static key word එක සහිතව declare කල විට එම method එක එම class එකේ objects සියල්ලටම පොදු වීමයි. එනම් පහත syntax එකේ
පරිදි
method එක call කල හැක.
methodname( );
එසේම static key word එක සහිතව declare කර ඇති method එකක් වෙනත් class එකක් තුලදී call කරන විට objects නොසාදා එම method එක පිහිටි class එකේ නමින් ද පහත syntax එකේ පරිදි call
කල හැක.
classname.methodname();
දැන් methods ගැන කතා කලා ඇති කියල හිතනවා.මීලගට object oriented concept එක යොදා ගෙන java programme එකක් ලියන විට වැදගත් වන තවත් කරුනු
කීපයක් මතක් කරන්න්නම්.
වැදගත් :
v Java වලදී objects සෑදීම සදහා class එකක් ලියන විට අපි පහත ආකාරයේ පොදු structure එකක් භාවිතා කරනවා.
class classname
{
[ variables
හදුන්වා දීම ]
[ constructos සෑදීම ]
[ methods
සෑදීම ]
}
v Object
orientes programme එකක
instance variables (attributes ) , private ලෙසත් methods , public ලෙසත් සාමාන්‍යයෙන් declare කරයි. මෙයට හේතුව instance variables වල අගයන් වෙනත් class එකකදී වෙනස් කිරීමට නොහැකි වන ලෙස දැක්වීමටත් methods වෙනත් class තුලදී භාවිතා කල හැකි ලෙස දැක්වීම සදහාත්ය.
කෙසේ වුවද ඔබට අවශ්‍ය
නම් instance variables , private access
modifier එක රහිතව වෙනත් access modifier එකක් සමගත්
methods, public access modifier එක රහිතව
වෙනත් access modifier එකක් සමගත් declare කල හැක.
v එසේම ඔබට යම් වැඩක් සිදු
කර ගැනිම සදහා class කිහිපයක් සාදා ගත යුතු
යයි සිතන්න.එවිට ඔබ එම class සියල්ල්ලම එකම තැනක save කර ගත යුතුයි. (එනම් එකම folder එකක් තුල )එසේ නොමැතිව වෙන් වෙන් ස්තාන වල එක් එක්
class එක save කල හොත් programme එක නිසි පරිදි ක්‍රියා නොකරනු ඇත. එසේම මෙලෙස class කිහිපයක් ඇති විට ඔබ compile කල යුත්තේ main method එක අඩන්ගු class එකයි.
v ඒ වගේම තවත් වැදගත් දෙයක්
කියන්න ඕන. Java වලදි අපි student කියන
class එක භාවිතා කරලා st1 කියල object එකක් පහත පරිදි හැදුව කියමුකො.
student stu1=new
student( );
මෙවිට ඇත්තටම සිදු වනේ
stu1
කියල object එකක් computer memory එකේ සෑදීම නෙවෙයි. Memory එක තුල object එකක් හැදිලා එය සෑදුනු තැන memory address එක මෙම stu1 කියන reference variable එකේ ගබඩා වීම. එනම් java variable
එකක් තුල ඇත්තේ object
එකක් ram එක තුල පවතින ස්තානයට අදාල memory address එකකි.
අද අපි object oriented ගැන ගොඩක්
theory ඉගෙන ගත්තනේ. දැන් අපි එම කරුනු තහවුරු
කර ගැනීම සදහා පහත programs run කර බලමු. මෙම programme එකේ class දෙකක් ඇති
නිසා මතක ඇතුව එම class දෙකම එකම folder එකක
save කර ගන්න.
public class
Student {
// these are instance variables.
private String studentName;
private int yearOfBirth;
private String village;
private String university;
// this is a constructor.
public Student (String a,int
b,String c,String d){
studentName=a;
yearOfBirth=b;
village=c;
university=d;
}
/*this is a method. by that method
we calculate student's age by years.for this method we have passed two
parameters.*/
public void getAgeByYears(int yearOfBirth ,String
studentName ){
int
age=2012-yearOfBirth;
System.out.println("Age
by years of "+ studentName+ "
is " +age);
}
// this is a method which returns
student's name
public String getstudentName(){
return studentName;
}
// this is a method which returns
student's village.
public String getvillage(){
return village;
}
/*this is also a method. but this
method doesn't return anything. by this method we can print student's
university name.*/
public void getuniversity(){
System.out.println(university);
}
}
Code 2:-
public class StudentTest {
public static void main(String[]
args) {
// here we have created
four student objects using Student
class.
/*when creating objects
we have passed values for the parameters
in student constructor. */
Student st1=new
Student("hasitha" ,1990 , "matara", "colombo ");
Student st2=new Student("kamal"
,1989 , "galle", "moratuwa ");
Student st3=new
Student("saunil" ,1991 , "gampaha", "kelaniya ");
Student st4=new
Student("gayan" ,1987 , "hambanthota", "ruhuna
");
// here we call the
getuniversity method for st1 object.
st1.getuniversity();
/* here we call the
getAgeByYears method for st2 object.when call this method we have passed values
for parameters in the method definition.*/
st2.getAgeByYears(1989,"kamal");
/*in the below code
segment I have called getstudentName method and getvillage method for student
objects.*/
System.out.println("");
System.out.println("Names and villages of students : ");
System.out.println("");
System.out.println(st1.getstudentName()+
" is from "+st1.getvillage() );
System.out.println(st2.getstudentName()+
" is from "+st2.getvillage() );
System.out.println(st3.getstudentName()+
" is from "+st3.getvillage() );
System.out.println(st4.getstudentName()+
" is from "+st4.getvillage() );
}
}
මෙහි output එක :
public class Shop {
private String itemName;
private float price;
private String companyName;
/ *In this constructor I have used
instance variable names in parameter
list .So I must use this key word in the constructor.*/
public Shop(String itemName,float
price,String companyName){
this.itemName=itemName;
this.price=price;
this.companyName=companyName;
}
/* here I have created another
constructor for this class. we can create any number of constructoers for a
class.*/
public Shop(String item){
itemName=item;
}
public void getItemDetails(){
System.out.println("itemName
= " + itemName + " price =
" + price +" companyName =
"+ companyName);
}
public void getItemName(){
System.out.println("ItemName
: "+itemName );
}
public static void main(String[]
args) {
//I have created it1,it2,it3 objects using first constructor.
Shop it1=new
Shop("cream soda ", 47.50f," elephant house");
Shop it2=new
Shop("sun light ",
55.75f," uniliver ");
Shop it3=new
Shop("highland milk ", 275.0f," milko ");
// for creating it4, it5
objects I have used second constructor.
Shop it4=new
Shop("cream cracker");
Shop it5=new
Shop("ice cream ");
it1.getItemDetails();
it2.getItemDetails();
System.out.println("");
it4.getItemName();
it5.getItemName();
}
}
මෙහි output එක
:
Constructor එකක් define
නොකර java class එකක් සාදා ගන්නා ආකාරය දැක්වෙන පහත programme එකත් run කර බලන්න.(මෙවිට default constructor එකක් run වේ.)
public class
Computer {
private String displayType;
private String processorType;
private String manufactror;
public void setdisplayType(String
disType){
displayType=disType;
}
public void setprocessorType(String
proType){
processorType=proType;
}
public void setManufactro(String
manufactror){
this.manufactror=manufactror;
}
public void getDetails(){
System.out.println("This
is a "+ manufactror+ " computer with "+ processorType+" processor and with a
" +displayType+ " display");
}
public static void main(String[]
args) {
Computer c1=new
Computer();
Computer c2=new
Computer();
Computer c3=new
Computer();
c1.setManufactro("HP");
c1.setprocessorType("i3");
c1.setdisplayType("LCD");
c2.setManufactro("DELL");
c2.setprocessorType("i5");
c2.setdisplayType("LED");
c3.setManufactro("IBM");
c3.setprocessorType("P3");
c3.setdisplayType("CRT");
c1.getDetails();
c2.getDetails();
c3.getDetails();
}
}
මෙහි output එක
:
No comments:
Post a Comment