අපිට ජාවා language එකේ jump statement 3නක් සහාය දක්වනව. එව නම්
1. break
2. continue
3. return
හොදයි අපි බලමු මේ jump statement මොකටද බාවිතා වෙන්නෙ කියල. අපි මේව use කරන්නෙ control structure එකක් පාලනය කරන්න එ කියන්නෙ
code එකක් තුල ඇති loop එකක් අතරමග අපට අවශ්‍ය පරිදි නවත්තන්න.හොදයි
අපි එකින් එක coding වලින්ම පැහදිලි
කරගමු.
break
statement
Code:-
public class breakStatement {
public static void main(String[] args) {
for(int i=0;i<10;i++){
if(i==5){
break;
}
System.out.print(i+" ");
}
}
}
Out
Put:-
හොදයි අපි බලමු මේ code එක. සාමාන්‍ය
for loop එකක් ආදාරයෙන් 0 සිට
9 දක්වා අගයන් print කිරීමට යොදාගන්නා
code එකකට අපි break statement එක use කරල තියනව අපි if condition එකක් දාල.ඒ කියන්නෙ 0 සිට
ක්‍රමයෙන් වැඩි වී යන i අගය 5 ට
සමාන ඌ විට break statement එක use කරල තියනව එතනින් i=5 ඌ විට loop
එකෙන් පිටට යාම හෙවත් loop එක නැවතීම සිදු වනු ඇත
Continue
Code:-
public class continueStatement {
public static void main(String[] args) {
for(int i=0;i<=10;i++){
if(i==5){
continue;
}
System.out.print(i+" ");
}
}
}
Out Put:-
මෙහිදීද අපි for loop එකක් use කරල 0 සිට 10 දක්වා අගයන්
print කිරීම සිදු කරගෙන තිබෙනව
නමුත් අප continue statement එක use කරල තියනව. ඒ කියන්නෙ i හි අගය 0 සිට ක්‍රමයෙන් වැඩි වී ගෙන යන විට i=5 වන අවස්තාවේදී continue
key word එකට පහලින් ඇති කිසිදු
statement එකක් execute නොකර නැවත loop එකේ ඊලග පියවර වන i=6 අවස්තාවට යාම තමයි සිදුවෙන්නෙ මම
හිතනව මේක ඔයාලට තේරුම ගැනීමට ඉතාමත් පහසුයි කියල.
මීලග
statement එකතමයි return මේක ගැන අපිට දැන්ම කතා කිරීමට
නොහැකියි. අප මේ ගැන oop පාඩමෙන්
කතා කරමු.
දැන් තමයි ලස්සනම code ගහනව කිව්වෙ අන්න ඒව ගහන්න වෙලාව
එහෙනම් අපි වැඩේට බහිමු .අපි ජාව වල loops handlying
පිලිබදව ගොඩාක් expert වෙන්න
තමයි මේ coding ගහන්නෙ.
Code:-
public class square {
public static void main(String[] args) {
for(int i=0;i<10;i++){
for(int j=0;j<10;j++){
System.out.print("* ");
}
System.out.println();
}
}
}
Out Put:-
මේ java code එක හොදින් විශ්ලේශනය කරන්න. ඉන් පසුව පහත out
put ලබා ගැනීමට code
ගහන්න එම code එ සමගම තිබෙනව.
Code:-
public class halfTriangle {
public static void main(String[] args) {
for(int vertical=1;vertical<=10;vertical++){
for(int horizotal=1;horizotal<=vertical;horizotal++){
System.out.print("* ");
}
System.out.println();
}
}
}
Out
Put:-
Code:-
public class halfTriangle2 {
public static void main(String[] args) {
for(int vertical=1;vertical<=10;vertical++){
for(int horizotal=10-vertical;horizotal>0;horizotal--){
System.out.print("* ");
}
System.out.println();
}
}
}
Out
Put:-
Code:-
public class halfTriangle3 {
public static void main(String[] args) {
for(int vertical=1;vertical<=10;vertical++){
for(int horizotal=10-vertical;horizotal>0;horizotal--){
System.out.print(" ");
}
for(int i=1;i<=vertical;i++){
System.out.print("*");
}
System.out.println();
}
}
}
Out
Put:-
Code:-
public class triangle {
public static void main(String[] args) {
for(int vertical=1;vertical<=10;vertical++){
for(int horizotal=10-vertical;horizotal>0;horizotal--){
System.out.print(" ");
}
for(int i=1;i<=vertical*2-1;i++){
System.out.print("*");
}
System.out.println();
}
}
}
Out
Put:-
Code:-
public class triangle2 {
public static void main(String[] args) {
for(int vertical=1;vertical<=5;vertical++){
for(int horizotal=10-vertical;horizotal>0;horizotal--){
System.out.print(" ");
}
for(int i=1;i<=vertical*2-1;i++){
System.out.print(i);
}
System.out.println();
}
}
}
Out
Put:-
එහෙනම් අදට මේ ඇති කියල හිතනව ඔයාල කෞරුත් try කරන්න for loop
use කරල විවිද රටා හදන්න තරුවක් හදන්න. ඒකෙන් ගොඩක් practice වෙයි.
By Manoj Priyankara
No comments:
Post a Comment