(පලමුවෙන්ම කියන්නම් අපි කියල දීපු අවසාන පාඩම වන Java Programme එකකට user inputs ලබාදෙන අකාර දෙකක් පමනි
අපි කතා කරෙ. එහි ඉතිරි කොටස් තේරුම් ගැනීමේ පහසුව සදහා එම පාඩම් පසු ලිපි වලින් ගෙන එන්නම් Eg: Command
line Argument, file
reader and writer .....)
Array යනු සරලම ආකාරයේ දත්තයන් ව්‍යහුයක් එනම් data structure එකක්. java පාඩමෙන් අපි මතකද කතා කල Variables ගැන.මතකයි නේ. හොදයි Array එකක් යනූ එකම data typ එකක් ඇති,variables සමූහයක එකතුවක් ලෙස තමයි තවදුරටත් පැහදිලි කරනවනම් කියන්න තියෙන්නෙ.
අපි දැන් බලමු මේ array එකක ඇති ලක්ශන සහ ස්වබාවය ගැන.
* Array එකකට නිශ්චිත විශාලත්වයක් ඇත . නාමයක්ද ඇත
(මෙය ප්‍රදාන කරුනක් ලෙස සිහියේ තබාගන්න)
* Array එකේ අන්තර්ගත වන data
නොහොත් එහි ඇති variables element
ලෙස හදුන්වනු ලබයි.
* Array එකක් තුල ඇති elements හදුනා ගැනීමට සහ ඒවායේ ස්තානයන්
දැක්වීමට බාවිතා වන්නේ Indexඑකයි.
Array එකක Index එක ආරම්බ වීම සිදුවන්නේ
0 සිටය .
අපි Array එකක
සටහනක් ආදාරයෙන් තවදුරටත් මෙය වටහා ගමු..
මෙහි
NumbberArr යනු Array එකේ නමයි
. මෙහි 0 වන Index එකට 12 යන Integer අගයත් පිලිවලින් 1,2,3,4 ,5 යන Index වලට
45 ,56 ,30 ,24, 3 යන අගයන් යොදා ඇත මෙම array එකේ මුලු element ගනන 6කි. අප
Array length එක ලෙස ගන්නේ මුලු
element ගනන වේ .එබැවින් ඉහත
NmberArr නම් Array එකේ
length=6 වේ.ArrayName.length මගින් array එකේ length ලබාගත හැකි බව මතකයේ තබාගන්න
ඉහත array එකේ length එක ලබාගමු
int arraylength=NumberArr.length;
ඉහත array එකේ length එක ලබාගමු
int arraylength=NumberArr.length;
Array එකක් create කරගන්නා අකාර
Java හි ප්‍රදාන වශයෙන් අපිට ආකාරයන් තුනකට
Array create කිරීම සිදු කල හැකිය
Sysntax
01.
Datatyp ArrayName []
;
ArrayName
= new Datatyp [ Size ] ;
Code 01
int
numberArr[];
numberArr
= new int [10];
Sysntax 02
DataTyp
ArrayName [] =new DataTyp [ Size ] ;
Code 02
Int numberArr
[] = new int [10] ;
Sysntax 03
DataTyp
ArrayName [] = { value 1 ,value 2 ,value 3 ,value4 } ;
Code 03
Int numberArr
[] = {12 , 23 , 45 , 53 } ;
අපි මෙහි පලමුවන අවස්තා දෙකේ දී array එකේ size එක මුලින් ලබාදී ඇත නමුත් තුන්වන අවස්තාවේ එසේනොකර ඇත .කෙසේ වෙතත් කුමන හෝ අකාරයකට array create කල පසුව එහි size එක වෙනස් කල නොහැක .
ඉහත පලවන හා දෙවන අවස්තා වලදී Array එකට values
Assign කරන ආකාරය ගැන දැන් අපි බලමු.
numberArr [0] = 12;
numberArr [1] = 23;
……………………………
numberArr [3] = 53;
මෙහිදී අප නොදැනුවත්ව index ප්‍රමානයට වඩා ඉක්මවූ values ප්‍රමානයක් array තුලට assign කිරීමසිදුකලොත් programm එක තුල දුනහොත් ArrayIndexOutOfBoundsException එකක් ලබාදීම සිදුවනවා. අපි exception පිලිබ්ඳ ඉදිරි පාඩමකදී පුළුල්ව සාකච්ඡා කරමු.
දැන් අපි බලමු studentNo [
] = { 10 ,
20 , 30,
40 , 50,
60, 70 } යන array එක සාදා එහි ඇති අගයන් acsess කරන ආකාරය. සහ myArray
[ ] =
{ 2,4,6,8,10 } ; යන
array එක Syntax
3 ආකාරයට create කරගන්න ආකාරය
Code:-
public class createArray {
public static void main(String[] args) {
//create Array
int studentNo [] = new int [7];
studentNo[0]=10;
studentNo[1]=20;
studentNo[2]=30;
studentNo[3]=40;
studentNo[4]=50;
studentNo[5]=60;
studentNo[6]=70;
//Access Array Normally
System.out.println("Access Array Normally");
System.out.println("-------------------------------------------");
System.out.println("value of index 0 = "+studentNo[0]);
System.out.println("value of index 5 = "+studentNo[5]);
System.out.println("-------------------------------------------");
System.out.println("Access Array using for loop");
System.out.println("-------------------------------------------");
//Access Array using for loop.we can get array length using arrayname.length keyword.
for(int i=0;i<studentNo.length;i++){
System.out.println("value of index "+i+" = "+studentNo[i]);
}
System.out.println("-------------------------------------------");
//Access Array using while loop.
System.out.println("Access Array using while loop");
System.out.println("-------------------------------------------");
int j=0;
while(j<studentNo.length){
System.out.println("value of index "+j+" = "+studentNo[j]);
j++;
}
System.out.println("-------------------------------------------");
System.out.println("create myArray using syntax 3");
System.out.println("-------------------------------------------");
//create myArray using syntax 3
int myArray [] = {2,4,6,8,10};
//Access this Array
for(int i=0;i<myArray.length;i++){
System.out.println("value of index "+i+" = "+myArray[i]);
}
}
}
Out put:-
හොදයි මේ පිලිබදව තවදුරටත් පුලුල්ව සොයා බලන්න අපි මීලග post එකෙන් 2d array ගැන කතා කරමු.
(ඉහත code එකේ System.out.println("........"); මගින් එක එක කොටස් පැහදිලිව වෙන් කිරීම සදහා බාවිතා කර ඇති බව සලකන්න)
By Manoj Priyankara
By Manoj Priyankara
No comments:
Post a Comment