අපි අද කතා කරන්න යන්නෙ යාලුවනේ java language එකේ ඉතාමත් වැදගත් කොටසක් . මේ පාඩම ජාවා සදහා පමනක් නොව Algorithms පාඩමටත් අනිවාර්ය වශයෙන්ම උවමනා වෙනව. Iteration යනු නැවත නැවත
සිදු කිරීමයි. යම් කිසි
Array එකක ඇති data බාවිතා කිරීමට, විවිද
Algorithms සෑදීමට සහ දත්ත සමූහයන්
විශ්ලේශනය කිරීමේදී මෙම loops
විශාල වශයෙන් බාව්තා වනු ලැබේ. හොදයි අපි බලමු මේ
loops වර්ග මොනවද කියල.
While Loop
Sysntax
:-
1.
While (expression) {
2.
Statement 1;
3.
Statement 2; //do something
4.
}
මෙහිදී Expression එක true ලෙස පවතින තාක් loop එක ක්‍රියාත්මක වීම සිදු වේ .එනම් නැවත නැවත සිදු වේ . මෙම while loop එක ක්‍රියාත්මක වන ආකාරය මෙසේය .
මුලින්ම expresion එක true ද false ද යන්න පරීක්ශා කරනු ලැබේ. expresion එක false වුව හොත් while loop එකෙන් බැහැරව යාම සිදු වෙයි true වුව හොත් loop එක තුල ඇති statement execute වීම සිදු වේ. සියලු statements execute වූවාට පසු නැවත expression එක check කරනු ලබයි. නැවතත් true හෝ
false මත ඉහත ක්‍රියාව සිදු වේ. මෙසේ දිගින් දිගටම ඉහත ආකාරයට loop එක ක්‍රියාත්මක වීම සිදු වනු ඇත.
අපි පහත code එක run කර බලමු.
public class whileLoop {
public static void main(String[] args) {
int a=1;
while(a<=10){
System.out.println(a);
a=a+1;
}
}
}
Output:-
මෙහිදී සිදු වන්නේ a හි
අගය 10 ට කුඩා හෝ සමාන වනතාක් අ හි අගය print කිරීම හා a හි
අගය එකකින් වැඩි කිරීමයි .මෙහිදී
System.out.print(a+" "); බාවිතා කරද බලන්න.
Do-while Loop
1.
do {
2.
// do something;
3.
} while
(expression);
මෙහිදී පලමුව statement
execute කිරීම සිදු කොට පසුව boolean අගය පරීක්ශා කරනු ලැබේ . expression එක true වනතෙක් නැවත නැවත loop එක ක්‍රියත්මක වීම සිදු වේ false වන විට loop එකෙන් පිටතට යාම සිදු වේ.
අපි පහත code එක run කර බලමු.
public class doWhileLoop {
public static void main(String[] args) {
int a=0;
do {
System.out.print(a+" ");
a=a+1;
} while(a<=10);
}
}
public static void main(String[] args) {
int a=0;
do {
System.out.print(a+" ");
a=a+1;
} while(a<=10);
}
}
Out put:-
For Loop
අප for loop එක coding වලදී සාමාන්‍යයෙන් බාවිතා කරනු ලබන්නේ loop එක ක්‍රියත්මක වන වාර ගනන දන්න විට පමනි.
1.
for (initialization ; Boolean expression ;
increment) {
2.
statements; //do something;
3.
}
අපි පහත code එක බාවිතා කිරීමෙන් මේ පිලිබද වැඩි දුර කතා කරමු.
Code:-
(අපි මේ code එකෙන් ඉටුකරගෙන තිබෙන්නෙ 0 සිට
10 දක්වා අගයන් එකිනෙක එකතු කරමින් print කරගෙන අවසානයේ මුලු එකතුව ලබා
ගැනීමයි.)
public class forLoop {
public static void main(String[] args) {
int sum=0;
for(int i=0;i<=10;i++){
sum=sum+i;
System.out.println(sum);
}
System.out.println("----------------------------");
System.out.println("sum = "+sum);
}
}
public static void main(String[] args) {
int sum=0;
for(int i=0;i<=10;i++){
sum=sum+i;
System.out.println(sum);
}
System.out.println("----------------------------");
System.out.println("sum = "+sum);
}
}
Out
Put:-
අපි දැන් බලමු for loop එක ක්‍රියා කරන ආකාරය මුලින්ම අපි අගයක් හදුන්වා දී තිබෙනව දෙවනුව expression එකක් තිබෙනව මුලින්ම මේ expression එක true හෝ
false ද
යන්න check කරනු ලැබේ, falseඋව හොත් loop එකෙන් පිටවීම සිදු වේ true උව හොත් loop එක තුල ඇති Statement සියල්ල execute වීම සිදුවී ඉන් පසුව increment අවස්තාවට ගමන් කර නැවත expression එක check කරයි true හෝ
false අගය මත ඉහත සිදුවීම දිගින් දිගටම සිදුවනු ඇත.
එහෙනම් අදට පාඩම continue කරනව මීලග post එකෙන් loops සදහා jump statement හා
loops සදහා ඉතාමත් ලස්සන coding ටිකක් අරන් අපි එනවා..
By Manoj Priyankara
aiya me thiyanne man hadapu for loops wala ex wagayak
ReplyDeletehttp://www.hxsandtrix.co.cc/2012/07/java-forloop-examples.html
ok ela for loops hodata handling karanna puluvannam vade goda.
ReplyDelete